Cape Reinga, Spirits Bay & Cooking Sri Lankan Food | Northland Road Trip | New Zealand | Episode 4

Cape Reinga, Spirits Bay & Cooking Sri Lankan Food | Northland Road Trip | New Zealand | Episode 4

Show Video

සුබ උදෑසනක් හැමෝටම. අපි දැන් ඉන්නේ කේප් රේයංගා වල. ගොඩක් අය හිතන් ඉන්නවා මෙතන තමා නවසීලන්තේ උතුරුම තැන කියලා. මෙතන ඇත්තටම වයඹම තැන. උතුරුම නෙවේ. මෙහෙ ප්‍රධාන පාරක් වන ස්ටේට් හයිවේ 1 එක ඉවර වෙන්නේ මෙතනින්. ඒ නිසා වෙන්නැති කට්ටිය එහෙම හිතන්නේ.

එහෙම වෙන්නැති. මෙතන බලමු එහෙනන්. අපි උදේ 8 වගේ වෙද්දි මෙතනට ආවා. ඒ වගේ වෙලාවක අවොත් තදබදෙන් බේරෙන්න පුළුවන්. ඔයාලා විතරක් ඉඳියි. මොකද මෙතන නවසීලන්තයේ උතුරු කොටසේ ඇවිදින ටුවරිස්ට්ස්ලා අතර ගොඩක් ප්‍රසිද්ධයි.

අපි තවත් දැනගත්ත දෙයක් තමා මෙතන මඔරි ජනතාවට විශේෂ තැනක් කියන එක. නවසීලන්තයේ මුල්ම පදිංචිකරුවන්. මඔරි වාචික ඉතිහාසයට අනුව එයාලා විශ්වාස කරන දෙය තමා...

තමන්ගේ මේ ලෝකයේ කාලය ඉවර උනාම, ඒ කියන්නේ මැරුනම... තමන්ගේ ආත්මය මෙතෙන්ට ඇවිත් මෙතනින් මුහුදට බැහැල... "හවයිකි" කියන එයාලගේ පුරාවෘත්තීය නිජබිමට ගමන් කරනවා කියන එක. තවත් දෙයක්... කැමරාව අනිත් පැත්තට හරවල ඉන්නන්. අර තියන පොහුටුකාවා ගහ, ඒකට කියන්නේ "තේ අරෝහා" කියල.

තවත් විශ්වාසයක් තමා ඒ ගහ තමා මෙතෙන්ට එන ආත්මයන්ට වතුරට බහින්න පඩිපෙලක් වෙන්නේ කියන එක. අපි යන තැන් ගැන ඒ වගේ කතන්දර අහන්න ලැබෙද්දි හරි ආසයි. අතනදී තමා තස්මන් මුහුද පැසිෆික් සාගරය එක්ක සම්බන්ද වෙන්නේ. මඔරි අයට අනුව එතනදී තමා පිරිමි මුහුද "තේ මොආනා තපොකොපොකෝ ආ තවහිකී" ගැහැණු මුහුද "තේ තායී ඕ විතියෙරෙයා" එක්ක හමුවෙන්නේ. මම දන් නෑ මම ඒ වචන හරි විදිහට ආසන්නයෙන්වත් කියෙව්වද කියලා.

ඉතාම සිත් ඇදගන්නා සුළුයි. අපි අන්තිමේදී ලයිට්හවුස් එක ගාවට ආවා. මෙතන හරිම ලස්සනයි. මේක හදල තියෙන්නේ 1941දී.

දෙවන ලෝක යුද්ධයේදී මෙතන මිනිස්සු වැඩ කරලා තියනවා. 1987දී මේක සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය කරලා තියනවා. මේ ලයිට්හවුස් එකේ බීකන් එක සෝලාර් පවර් එකෙන් වැඩ කරන්නේ.

කිලෝමීටර් 35ක් විතර ඈත මුහුදේ ඉන්න අයට පේනවලු. මේ ලයිට්හවුස් එකලු නවසීලන්තයේ කට්ටිය වැඩිපුරම ඇවිත් තියන සහ ෆොටෝ ගහල තියන ලයිට්හවුස් එක. මෙතන ඉඳන් බලද්දී හරි ලස්සනයි. මේ නවසීලන්තය. මෙතන තමා අපි දැන් ඉන්නේ.

අපි ආයේ වාහනේට ආවා. ගොඩක් රස්නෙයි. අපි වතුර අරන් ගියෙත් නෑ. ලයිට්හවුස් එකට ඇවිදන් යනවනන් වතුර එකක් අනිවාර්යයෙන්ම අරන් යන්න. අපි අදත් කෑම්පින්ග් කරනවා. දැන් කෑම්ප් සයිට් එකට යන්න හදන්නේ. අපි උදේ කීවනේ මෙතන උතුරුම තැන නෙවේ වයඹම තැන කියලා. උතුරුම තැනට යන්න අපිට අවසර නෑ එතන විද්‍යාත්මක රක්ෂිතයක් නිසා.

ඒ උනාට අපි අද නවතින කෑම්ප් සයිට් එක තමා සාමාන්‍යයෙන් යන්න පුළුවන් උතුරුම තැන. එතෙන්ට ගිහින් බලන්න හරි ආසාවෙන් ඉන්නේ. මෙතන තමා අද දවසට අපේ නැවතුම්පල. කෑම්ප් එක හදල ඉවරයි. මෙතන නම "ස්පිරිට්ස් බේ කෑම්ප් සයිට්" එක. ස්පිරිට්ස් බේ එක තමා අපි කලින් කීව සාමාන්‍යයෙන් යන්න පුළුවන් උතුරුම තැන.

තව ටිකකින් අපි බේ එකට යනවා. අපේ කෑම්ප් සයිට් එක එහා පැත්තෙ ඇලක් යනවා. එකෙන් එහා තණබිම් සහ අස්සයෝ. හරිම ලස්සනයි. අපි කෑම්ප් එකේ ඉඳන් බේ එකට ඇවිදන් යන ගමන් ඉන්නේ. අපිට කට්ටිය කිවා...

මේ මෙතන එහා පැත්තේ ලස්සන කන්දක් තියනවා... මේ කන්දේ අමුතුම ගලකුත් තියනවා... අපිට කට්ටිය කිවා මොනවා කරත් මේ කන්දට නගින්න එපා කියල.

මොකද මේක මඔරි අයට පූජනීය කන්දක්ලු. මේ කන්දේ තියනවලු ඓතිහාසික සුසාන ලෙන්. කන්දට නගින එක එයාලගේ සංස්කෘතියට අගෞරව කිරීමක්ලු.

ඔයාලත් ස්පිරිට්ස් බේ එකට ආවොත්... බේ එක අර පැත්තේ... කන්දට නගින්න එපා. දැන් කළුවර වැටෙනවා අපි උයන්න හදන්නේ.

ෂෙෆ් ඉෂාර උයන්න ඔක්කොම ලෑස්ති කරනවා. අද අපි කන්න ගොඩක් ආස ශ්‍රී ලාංකික කෑම කීපයක් හදනවා. අද මෙනූ එක කරවල තෙල් දාලා, පරිප්පු උයලා, පොල් සම්බෝල.

අවශ්‍ය දේවල් හදන ගමන් කියන්නන්. ප්‍රමාණනන් දන් නෑ. ඇහේ මිම්මට තමා දාන්නේ. කරවල තෙල් දාන්න ලූනු ගොඩක් ඕනේ. තක්කාලි.

අමු මිරිස්. කරපිංචා. රම්පෙ. ෆ්‍රෙෂ් ඒවා තියනවනන් හොඳයි. අපි කෑම්පින්ග් කරන නිසා අපිට නෑ.

ආයේ ලංකාවේ කරවල. මේ බල කරවල. මේවා ලංකාවේ කඩවලින් සහ ඉන්දියන් කඩවලින් ගන්න පුළුවන්. ලුණු ටිකක් ඕනේ.

කෑලි මිරිස්. කහ කුඩු. මේවා වෙන කෑමකට. තෙලුත් ඕනේ. ඔක්කොම කීවද? මම හිතන්නේ.

මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒක ටිකක් රත් කරගන්න. අන්න අස්සයෝ ඉන්නවා. ඔව්. අපි කඳු, ඇල සහ අස්සයෝ බල බල වීව් එක එන්ජෝයි කරනවා. පෑන් එක රත් උනාම තෙල් ටිකක් දාන්න.

මේ වැඩේ තමා පරිස්සමින් කරන්න ඕනේ. තෙල් රත් උනාම කරවල ටික දන්න ඕනේ. ටිකක් බදින්න. කහ කුඩු ටිකක් දානවා. ටිකක් වෙලා බදින්න. මේ බැදිලා ඇති වගේ.

දැන් රම්පෙ දානවා. ෆ්‍රෙෂ් ඒවා තියනවනන් හොඳයි. අපිටනන් නෑ මේ ඉන්නේ දුරක නිසා. ඊළඟට කරපිංචා දානවා. ලංකාවෙනන් ඉන්නේ වත්ත පිටිපස්සේ රම්පෙ තියනවා.

නවසිලන්තෙනන් ඉන්නේ ආසියාතික කඩවල ෆ්‍රීස් කරලා රම්පෙ ගන්න තියනවා. කරපිංචනන් ලංකාවේ කඩ සහ ඉන්දියන් කඩවල ගන්න තියනවා. ටිකක් කලවම් කරන්න. තප්පර 15ක් 20ක් විතර. දැන් ලූනු දාන්න.

කලින් කිවා වගේ හරි ප්‍රමාණනන් දන් නෑ. මේකනන් මධ්යම ප්‍රමාණයේ ලූනු ගෙඩි 1.5ක් විතර. ඇහේ මිම්මට තමා මේවා දාන්නේ. මම කරවල වලට ලූනු ගොඩක් දාන්න කැමතියි. ඔයාලට ඕනෙනන් අඩුවෙන් දාන්නත් පුළුවන්. කලවම් කර කර ඉන්න ලූනු ටික හොඳට බැදෙන්න ඕනේ නිසා.

මම ලූනු තප්පර 30ක් විතර බැදුනට පස්සේ අමු මිරිස් දානවා. මම අවශ්‍ය දේවල් කියද්දී අමු මිරිස් ඕනේ කීවද? කොහොමහරි, අමු මිරිස් ඕනේ. ඊළඟ පියවරට ටිකක් වෙලා යනවා මොකද දාපු ඔක්කොම බැදෙන්න එපැයි. කලවම් කර කර ඉන්න ඕනේ. කරවල වෙලද්දී ලුණු දාන නිසා ඒවගේ ලුණු තියනවා.

ඒ උනාට ලුණු ටිකක් දාන්න ඕනේ මිරිස් සහ ලූනු වලට. ටිකක් ඇති. දාන්න ඕනේ ලුණු ප්‍රමාණය තීරණය වෙන්නේ කරවල වර්ගය අනුව. සමහර කරවල වල ලුණු වැඩියි. සමහර ඒවගේ අඩුයි. බලල ගැලපෙන ප්‍රමාණය හිතාගන්න ඕනේ. මේ විනාඩි 10ක් විතර කලවම් කරාට පස්සේ.

ඔයාලට එච්චර වෙලා යන් නැතිවෙයි. මෙතන ගොඩක් හුළඟ. අනික ලූනු ගොඩක් තියනවා කියන්නේ වතුර ගොඩක් වාෂ්ප වෙන්න තියනවා කියන එකනේ. මම මේ දැන් තියන හැටියට කැමතියි. දැන් කෑලි මිරිස් දානවා. මම අනවශ්‍ය විදිහට මිරිස් කන කෙනෙක්. ඒ නිසා හොඳයි කියන ප්රමාණයට වඩා මම මිරිස් දානවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාන්න.

තව තප්පර 20ක් 30ක් කලවම් කරන්න. මිරිස් ටික පොඩ්ඩක් බැදෙන්න අරින්න. මේ වෙලාවේ තක්කාලි ටික දාගන්න.

මැද්දේ පොඩි ඉඩක් හදල මැද්දට දාන්න. එතකොට ඒවා ටිකක් බැදෙනවා. මෙහෙම විනාඩියක් විතර තියල කලවම් කරන්න. දැන් ඔක්කොම කලවම් කරනවා. දැන් හරි. මෙහෙම තමා ලංකාවේ විදිහට කරවල තෙල් දාන්නේ.

මෙනූ එකේ ඊළඟට තියෙන්නේ පරිප්පු. මෙතන තියනවා හෝදලා පිරිසිදු කරගත්ත පරිප්පු. කහ කුඩු ටිකක් ඕනේ. මිරිස් කුඩු. තුනපහ. ලංකාවේ ඒවා තමා ලංකාවේ රහ ගන්න හොඳම. ලූනු.

අමු මිරිස්. අයෙ පෙන්නන්න. ලූනු. අමු මිරිස්. සුදුළුනු.

මේවා වෙන දේකට. තව ලුණු ටිකක් ඕනේ. පොල් කිරි ඕනේ. මේ පොල් කිරි කුඩු උණු වතුරේ දියකරලා. මුලින්ම කරන්න ඕනේ...

අපි ගහක් යට ඉන්නේ. ගහෙන් අනන් මනන් වැටෙනවා කෑම වලට. ලූනු ටික දාගන්න. ලිප පත්තු කරලා නෑ තාම. ඔයා පරිප්පු වලට වතුර ටිකක් දාල නේද තියෙන්නේ? ඔව්. ඒ හෝදලා ඉතුරු උන වතුර ටික. තව වතුර ටිකක් කොහොමත් ඕනේ.

ලූනු, අමු මිරිස් සහ සුදුළුනු ඔක්කොම ටික දාගන්න. සාමාන්‍යයෙන් මෙච්චර දාන්න ඕනේ නෑ. ඉතුරු වෙලා තියන ඒවට මොනවහරි කරන්න ඕනේ නිසා තමා මම දාන්නේ. කහ කුඩු දාගන්න.

මිරිස් කුඩු ටිකක් දාගන්න. අමු මිරිස් දාල නිසා මිරිස් කුඩු නොදැම්මත් කමක් නෑ. මමනන් දානවා ඒත්. ඊළඟට ලංකාවේ තුනපහ දාගන්න. හරිම ප්‍රමාණ කියන්න අමාරුයි. හිතෙන ගාන තමා දාගන්නේ. ලුණු ටිකක් දාගන්න. මට මතකයි අපේ අම්මා ඉස්සර කියනවා පරිප්පු තැම්බෙනකන් ලුණු දාන් නෑ කියල.

නැත්තන් ඉදෙන්න පරක්කු වෙනවලු. මම හිතන්නේ ඒක පරිප්පු වර්ගය එක්ක වෙනස් වෙනවා. මම පාවිච්චි කරන පරිප්පු වල එහෙම ප්‍රශ්නයක් නෑ. මේ ඉන්දියන් කඩේකින් ගත්ත මසූර් පරිප්පු.

මේකට මම කලින් ලුණු දානවා. ලුණු ටිකක්. දැන් වතුර ටිකක් දාගන්න. ලිප පත්තු කරන්න. මේක දැන් නටවන්න ඕනේ. පියනක් තියනවනන් වහගන්න. මම ගාවනන් නෑ.

මම කලවම් කර කර ඉන්නවා. වතුර මදි උනොත් මැද්දෙන් දාගන්නවා. පියනක් තියනවනන් වහගන්න. පියනකින් වැහුවත් සැරෙන් සැරේ ඇරලා කලවම් කරගන්න. ෂෙෆ් ඉෂාරට රම්පෙයි කරපිංචයි දාගන්න අමතක උනා. ඒවා ලංකාවේ හැම කෑමකටම වගේ දාගන්නවා.

විනාඩි 20ක් විතර සැරෙන් සැරේ කලවම් කර කර ඉව්වා. දැන් පරිප්පු සොෆ්ට් වේගෙන එන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් යන්නෙ නෑනේ නේද? නෑ. මෙතන හුළඟ නිසා වෙලා ගියා. මේ වෙලාවෙදි පොල් කිරි දාගන්නවා. නටන්න අරින්න.

දැන් පොල් කිරි දාල විනාඩි 5ක් විතර. ආයෙ නටන්න ගත්තා හොද්ද. මේ ඇති. පරිප්පු කරිය හරි දැන්. ඊළඟට හදන්න යන්නේ පොල් සම්බෝල. මම දන්නවා ලංකාවේ අයනන් දැන් බනියි මම මේක හදන්න යන හැටියට. සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් පොල් ගාගෙන තමා මේක හදන්නේ. මට ඒවා නෑ. ඒ උනාට මම ළඟ තියනවා ඩෙසිකට් සහ පොල් කිරි.

මම ඒ දෙක කලවම් කරනවා. ඊළඟ කොටසට අත පාවිච්චි කරනවා. දේශීය ක්‍රමයට හදන්නේ එහෙමයි. හොඳට කලවම් කරගන්නවා. මයික්‍රෝවේව් අවන් එකක් තියනවනන් මේක තප්පර 30ක් විතර රත් කරගත්තොත් පොල් සොෆ්ට් වෙනවා.

මෙතන මොන මයික්‍රෝවේව්ද? ඩෙසිකටුයි පොල් කිරියි කලවම් කරගෙන ඉවරයි. ඊළඟට ලූනු සහ තක්කාලි දාගන්නවා. මම දැන් තක්කාලි දැම්මට දෙහි යුෂ තමා මේකට හොඳම. ඒවත් මෙතන නෑ. පිටිපස්සේ අර ඉදෙන්නේ බත් එක.

ඊළඟට කෑලි මිරිස් ටිකක් දාගන්නවා. මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. මේ තියෙන්නේ උම්බලකඩ කුඩු. තවත් එක වේලපු මාළු වර්ගයක්. මේවත් මෙහෙ ලංකාවේ කඩවල ගන්න තියනවා. මේකෙනුත් ටිකක් දාගන්නවා. ටිකක් දානවා කීවට මම ගොඩක් දානවා.

දැන් ඔක්කොම කලවම් කරගන්න ඕනේ. අනන එකේ ඉඩ නැති නිසා මේක මේසෙට කොහොමත් හැලෙනවා. එත් ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. පොඩි භාජනේ ඉඩ මදි වෙලා පිගානටම දාගත්තා. කලවම් කරලා ඉවර වෙලා ලුණු රස අනුව දාගන්න. දෙහි යුෂ ටිකක් තිබ්බනන් රහ තව හොඳයි.

ලුණු දාලත් කලවම් කරගන්න. ඒ කරල කාල බලන්න රහ හොඳද කියලා. බත් එකත් තව විනාඩියකින් විතර හරි. මේ තමා අපේ රෑ කෑම. බත්, පරිප්පු, පොල් සම්බෝල, කරවල තෙල් දාල.

(වන් ස්ටොප් ඇට් අ ටයිම්) (ෆේස්බුක් @1stopatatime, යූටියුබ් onestopatatime, ඉන්ස්ටග්‍රෑම් @onestopatatime)

2021-06-27 11:55

Show Video

Other news